කොරෝනා වෛරසය පරාජය කළත් නැතත් අපි ඡන්දය දිනනවා ! -VIDEO- | Colombocall කොරෝනා වෛරසය පරාජය කළත් නැතත් අපි ඡන්දය දිනනවා ! -VIDEO- - Colombocall

Hot News

කොරෝනා වෛරසය පරාජය කළත් නැතත් අපි ඡන්දය දිනනවා ! -VIDEO-





එස් එම් චන්ද්‍රසේන නම පසුගිය සමයේ කතාබහට ලක් වූයේ කැලෑ විනාශ කරමින් පරිසරයට දැඩි හානි පමුණුවන පුද්ගලයෙක් ලෙසයි.

ඉන් පසු රිය අනතුරක් සිදු වූ පසු පළාගිය පුද්ගලයකු ලෙසත් ඔහුගේ ක්‍රියාකලාපය සමාජය හමුවේ දැඩි විවීචනයට ලක් වූවා. එවකට බොහෝ දෙනෙක් කියා සිටියේ මෙවන් පුද්ගලයින්ට අමාත්‍යධූර ලබා දීම පවා අනුමත කල නොහැකි බවයි. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ ප්‍රකාශයක් මේ දිනවල සමාජයේ කතිකාවට මුලපුරා තිබේ.

එනම් මෙම කොරෝනා තත්වය හමුවේ ජනතාව පීඩාවට පත් වී ඇති සමයක කොරෝනා මැඩ පැවැත්වූවත් නැතත්  ඡන්දය පවත්වන බව ත් එය ජනතාවට ගැටලුවක් නොවන බවත් ප්‍රකාශ කිරීමයි.

රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් ලෙස ඔහුගේ මෙම ප්‍රකාශයේ ගැඹුරු අරුතක් ඇත. එනම් ජනතාවගේ ජීවිත කෙරෙහි ඔවුන්ට එතරම් තැකීමක් නැති බවයි. චන්ද්‍රසේන තවදුරටත් කියා සිටින්නේ ඔවුන්ට මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පහසු කටයුත්තක්  බවයි.

රටම මරණ බියෙන් සිටින අවස්ථාවක ගරු ජනාධිපතිතුමන් සහ රණවිරු , වෛද්‍ය , රාජ්‍ය සේවකයින් දැඩි වෙහෙසක් ගෙන කොරෝනා වෛරසය මැඩලීමට ක්‍රියා කරන සමයක මාධ්‍ය සාකච්ඡා තියමින් තමන්ගේ බලය ලබා ගැනීමට පමණක් වෙහෙසෙන මෙවන් පුද්ගලයන් ගැන රටක් වශයෙන් කුමන තීරණයක් ගත යුතුදැයි ඔබම සිතන්න.

එම වීඩියෝව පහළින් නරඹන්න