තවත් ප්‍රහාර මාලවක් සැලසුම් කරලා ! මෙන්න විස්තරය | Colombocall තවත් ප්‍රහාර මාලවක් සැලසුම් කරලා ! මෙන්න විස්තරය - Colombocall

Hot News

තවත් ප්‍රහාර මාලවක් සැලසුම් කරලා ! මෙන්න විස්තරය




ඉකුත් වසරේ අප්‍රේල් මස 21 වෙනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට දෙවැනි වරටත් ප්‍රහාර මාළාවක් එල්ල කිරිමට සහරාන් හෂීම් ගේ කණ්ඩාම සැලසුම් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් එම ප්‍රහාරය දියත් කිරිමට සැලසුම් කළ පිරිස් මේ වන විට කරුණු හෙළිවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් ගේ කණ්ඩායම එක් අවස්ථාවකදී දෙකඩ වූ බවට හෙළි වුවත් ඔවුන් බුද්ධි අංශ නොමග යැවීම සඳහා එවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලදී හෙළිවී ඇත.
දකුණු ආසියාවේ රටක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකොට එයින් පළා එන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සඟවා ගෙන ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට ද මෙම කණ්ඩායම සාකච්ජා කොට ඇති බවට වන කරුණු ද අනාවරණය වී ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.