පාස්කු ප්‍රහාරයට නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනී !
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පුත්තලම ප්‍රදේශයේදී මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇතිබවටයි තොරතුරු වාර්තා වුනේ.
මේ අතර මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.
ඒ අනුව මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බවයි වැඩිදුරටත් වාර්තා වුනේ