කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ! | Colombocall කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ! - Colombocall

Hot News

කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට !




රට තුල ඇතිවී තිබෙන තත්වය හමුවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබා දෙ උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ලෙස රජය නිරන්තරයෙන්ම ඉල්ලීම් කරනවා. කෙසේ වෙතත් එම උපදෙස් පිළිනොපදින ඇතමුන් නිසා රටේ පවතින තත්වය තවදුරටත් අවධානම් සහගත වීමේ තත්වයක් ඇතිවීමට ඉඩ සැළසෙනවා.
ඒ අනුව එවැනි උපදෙස් නොතකමින්  ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක සමයේ කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු කර තිබෙනවා. යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තාවන් දෙදෙනා සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.
අනතුරුව ඔවුන් රැදී සිටි යාපනය, නාවල් පාර ප‍්‍රදේශයේ නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණා.
මේ අතර ඉකුත් සතියේද මෙලෙසම කොළඹ සිට යාපනයට පැමිණ සිටි පුද්ගලයින් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව අප වාර්තාකරු සදහන් කළා