අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට ! | Colombocall අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට ! - Colombocall

Hot News

අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට !



දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී අද (06) දින පෙරවරුවේ කැබ් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ බොරවැව සෙවනපිටිය ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. පුංචිබණ්ඩා සහ ආර් .එම්. විමලා ධර්මසිරි යන දෙදෙනෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.
යතුරුපැදිය දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවාත් සමඟ යතුරුපැදිකරු එම කැබ් රථය ඉස්සර කිරීමට යෑමේදී එම රථයේ බඳේ වැදී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මාර්ගයට ඇඳ වැටී තිබෙනවා.
ඒත් සමඟ හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයට යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කළා.
අසල තිබූ ඉන්ධන පිරවුම් හලක ආරක්ෂිත කැමරාවේ මෙම අනතුර සටහන්ව තිබෙනවා.
අනතුර සිදු වනවාත් සමඟ යතුරුපැදිය බඳේ ගැටෙන කැබ් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.