නිධන් හාරමින් සිටි හිමි නම ඇතුළු පිරිස කොටු ! | Colombocall නිධන් හාරමින් සිටි හිමි නම ඇතුළු පිරිස කොටු ! - Colombocall

Hot News

නිධන් හාරමින් සිටි හිමි නම ඇතුළු පිරිස කොටු !




අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන භික්ෂුන්වහන්සේ නමක් ඇතුළු සිව්දෙනෙකු ඊයේ(18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසනවා.
මොවුන් නිධානයක් හාරමින් සිටින බවට ගම්වාසින්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් පරික්ෂාකොට තිබෙනවා.
එහිදි මෙම පිරිස ඉඩමේ වලක් හාරමින් සිට ඇති බව වාර්තා වනවා.අලවංගුව හා මොවුන් පැමිණි කාර්රථයද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
හිමිනම කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන අතර අනික් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
අනෙක් දෙදෙනා නුගේගොඩ හා කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මොවුන් මෙම ප්‍රදේශයේ නිවසක මාසයක පමණ කාලයක සිට පදිංචිව සිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා..
සැකකාර හිමි නම හා අනික් සැකකරුවන් සිව්දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.