පොලිස් නිලධාරීන් පිරිසකට සැකසහිත රෝග ලක්ෂණ ! | Colombocall පොලිස් නිලධාරීන් පිරිසකට සැකසහිත රෝග ලක්ෂණ ! - Colombocall

Hot News

පොලිස් නිලධාරීන් පිරිසකට සැකසහිත රෝග ලක්ෂණ !



කොරෝනා වයිරසය පැතිරයෑම පාලනය කිරීමේ කටයුතුවල හා කොළඹ ඇතැම් ප්‍රදේශවල පැවැති ජනතාව පිනවීමේ ප්‍රසංගවල ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සැකසහිත රෝග ලක්ෂණ පහළවී ඇති බව මෙරට පුවත්පතක වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.
ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරණ බවයි එහි සඳහන් වන්නේ.
මෙම පිරිස කොපමණද යන්න පිළිබඳව ස්ථීරව ප්‍රකාශ කළ නොහැකි නමුත් පොලිසියේ නිලධාරීන් දහයත් පහළොවත් අතර පිරිසක් මේ වන විට එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථාන උසස් නිලධාරියෙක් සනාථ කර කළ බවයි එහි දැක්වෙන්නේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පිරිස නිරෝධානයට යොමු කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සමග එක්ව කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බවයි.