මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනෙක් !
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනෙකු සොයාගත් බව ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.
එම රෝගීන් IDH රෝහලට ඇතුළත් කළ බවයි ඔහු සඳහන් කළේ.
කොරෝනා මර්ධන මධ්‍යම පළාත් කමිටුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ මධ්‍යම පළාත තුළ රජයේ සහ පුද්ගලික රෝහල්වල ඇත්තේ දැඩි සත්කාර ඇඳන් 55ක් පමණක් බවයි.