පාසල් ගොඩනැඟිල්ලක නිරෝධායනය කල තරුණියක් සමූහ දූෂණයට ලක් වෙයි | Colombocall පාසල් ගොඩනැඟිල්ලක නිරෝධායනය කල තරුණියක් සමූහ දූෂණයට ලක් වෙයි - Colombocall

Hot News

පාසල් ගොඩනැඟිල්ලක නිරෝධායනය කල තරුණියක් සමූහ දූෂණයට ලක් වෙයි






කොරෝනා වෛරසය හමුවේ ඉන්දියාව අගුලු දමා ඇති පරිසරයකත්, පාසල් ගොඩනැගිල්ලක් තුළ නිරෝධායනයට ලක්කර සිටි කාන්තාවක රාත්‍රී කාලයේදී එම පාසල තුළදීම සමූහ දූෂණයකට ලක්ව තිබේ.
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, දෛනික වැටුප් උපයන්නෙකු වන ඇය සැතපුම් ගණනාවක් තනිවම ඇවිද ගොස්, තම ගමට පිවිසීමට නොහැකිව සිටියදී ප්‍රාදේශීය පොලීසිය විසින් ඇයව මෙම පාසල් ගොඩනැගිල්ල තුළ නිරෝධායනයට ලක්කර ඇත්තේ ඇයව කොවිඩ් පරීක්ෂණයට බඳුන් කිරීමට පෙරය.
විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් නොමැති බැවින් පොලිසිය ඇයව මෙම පාසල් ගොඩනැගිල්ලේ රඳවා සිටියදී පුද්ගලයන් තිදෙනෙකු ඊට ඇතුළුව ඇයව සමූහ දූෂණයට ලක්කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම ස්ත්‍රී දූෂණයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ විශේෂ රැඳවුම් ස්ථානයක රඳවා ඇති බව කියයි.
වයස අවුරුදු 40ක් පමණ වන මෙම කාන්තාව සවායි මදෝපූර් සිට දින කිහිපයක් පයින්ම ඇවිදිමින් තම ගම්මානය වෙත යෑමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත් අතරමගදී ඇයව පොලීසිය විසින් මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.
මේ අතර අදාළ කාන්තාව මේ වනවිට රෝහල්ගත කර ඇති අතර, ඇයව කොවිඩ්-19 පරීක්ෂණය සඳහාද යොමුකර ඇති බවත් ප්‍රාදේශීය පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ ඇය කොපමණ කාලයක් තනිවම මෙසේ ගමන් කර තිබුණාද, ඇය සම්බන්ධ වූයේ කවුරුන්ද, ඇයට කොවිඩ්-19 ආසාදිතව සිටියාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති නිසා, යම් ලෙසකින් වෛරසය ඇගේ ශරීරයේ තිබුණා නම්, අදාළ ස්ත්‍රී දූෂකයන්ද නිරායාසයෙන්ම වෛරසයට ගොදුරු වන බවයි.
දිල්ලියේ බස් රථයක් තුළදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කරමින් ලෝකය තුළ ඉන්දියාවේ ස්ත්‍රී දූෂක මානසිකත්වය පිළිබඳ දිගින් දිගටම සිද්ධි ගණනාවක් වාර්තා වූ පසුබිමක, කොවිඩ්-19 නමැති භයානක වසංගතය හමුවේ පවා ඉන්දියානු ස්ත්‍රී දූෂකයන්ගේ අඩුවක් රට තුළ නොමැති බවට ඉන්දියාව නැවත වරක් ප්‍රත්‍යක්ෂ කර ඇති බව එරට මාධ්‍ය පවසයි.