පොහොර නිසි පරිදි බෙදා හැරීම ගැන තොරතුරු මෙන්න | Colombocall පොහොර නිසි පරිදි බෙදා හැරීම ගැන තොරතුරු මෙන්න - Colombocall

Hot News

පොහොර නිසි පරිදි බෙදා හැරීම ගැන තොරතුරු මෙන්න




 ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි පරිදි බෙදා හැරීම ද මේ වන විට සාර්ථකව සිදුවනවා.
උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළෙදපොල තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිවීම වැළැක්වීම සදහා තවත් සතියක කාලයක් එම වෙළෙදපොල වසාතැබීමට තීරණයක කර තිබෙනවා. ඒ අනුව මැනිං වෙළෙදපොලට සැපයූ එළවළු හා පළතුරු මීගොඩ,  නාරාහේන්පිට,  රත්මලාන,  වැලිසර,  පිළියන්දල හා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එමෙන්ම අස්වනු නෙළීම පමාකළ හැකි බෝගවල අස්වනු නෙලීමේ කටයුතු ප්‍රමාද කිරීම ද සුදුසු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සදහන් කරනවා.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගොවීන් නිෂ්පාදනය කරන එළවළු හා පළතුරු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිලදීගෙන පාරිභෝගික ජනතාවට අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.
මහකන්නයේ වගා කටයුතු සඳහා කිසිදු අඩුවකින් තොරව පොහොර සැපයීම මේ වන විට සිදුවනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට අවශ්‍ය පොහොර නිරන්තරයෙන් සම්පාදනය කරන බවයි කොමර්ෂල් පොහොර සමාගම පෙන්වා දෙන්නේ