වැටුප් නොගෙවන කර්මාන්තශාලා සහ ආයතන සම්බන්ධයෙන් අවධානය
පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිවීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බව කම්කරු සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
අද (21)පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැටුප් නොගෙවන කර්මාන්තශාලා සහ ආයතන සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මේ වනවිට තොරතුරු රැස්කරමින් තිබෙන බවයි.