නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියකටද කොරෝනා ! | Colombocall නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියකටද කොරෝනා ! - Colombocall

Hot News

නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියකටද කොරෝනා !





පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියකටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අතර, ඒ අනුව ඇය IDH රෝහලට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා ප්‍රකාශ කරනවා.
මෙම දැරිය සහ තවත් පිරිසක් මින්නේරිය කටුකෙලියාව යුද  හමුදා නිරෝධායන ඒකකයේ ඇගේ මව සමග නිරෝධායනය වෙමින් සිටියදි සිදුකල වෛද්‍ය පරික්ෂණ වලදි ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙම දැරිය අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයේ හමුවු පළමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා තවත් පිරිසක් සමග මන්නාරම තාරා පුරම් අවමගුලකට සහභාගි වු පිරිසෙන් අයකු බව සඳහන් වන අතර එම පළමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ විමේන් පසු ප්‍රතිකාර සදහා IDH රෝහලට යවා තිබුනා.
මේ අතර  පළමු ආසාදිතයාගේ වැඩිහමල් පුත්‍රයාටද  කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව ඊයේ දිනයේදී තහවුරු වුනා.
ඒ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාදිත පිරිස් ‍ඇසුරු කල පිරිස් සොයා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.