කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට අන්තර්ජාලය හරහා ! | Colombocall කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට අන්තර්ජාලය හරහා ! - Colombocall

Hot News

කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට අන්තර්ජාලය හරහා !




පොල් සංවර්ධන අධිකාරිය විසින් අන්තර්ජාලය හරහා පවත්වන ලද කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට පසුගිය 9දා පැවැත්විණ.
එහිදී පොල් 500,000 කට අධික ප්‍රමාණයක් රු. 38.20ක සාමාන්‍ය මිලකට අලෙවි වී ඇත. මෙම වෙන්දේසිය සාමාන්‍යයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 10 ට කොළඹදී පැවැත්වෙන නමුත් වසර 26 කට පසු ප්‍රථම වතාවට එය අන්තර්ජාලය හරහා පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග හේතුවෙන් ය.
සාමන්‍ය වෙන්දේසියකදී ගොවියාගේ මිල රු. 45 සිට රු. 50 දක්වා පැවතියත් මෙම අන්තර්ජාල වෙන්දේසියේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රු.35ත් - 40ත් අතර පැවතී ඇත.කෙසේ වෙතත් ගොවීන්ට තම ගොවිපල නඩත්තු කිරීමට එය ප්‍රමාණවත් බව පොල් සංවර්ධන අදිකාරිය පවසයි.
මේ අනුව විද්‍යුත් වෙන්දේසිය සාර්ථක වූ බවත්, සියලු දෙනා ක්‍රියාකාරීව සහභාගී වූ බවත්, වෙන්දේසිය පැය තුනක් වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා පවත්වන ලද බවත් ඔවුන් සදහන් කරයි.
රටේ තත්ත්වය පාලනය වන තුරු මෙම වෙන්දේසිය අන්තර්ජාලය හරහා සිදුකරන අතර කර්මාන්තශාලා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ද පියවර ගනිමින් සිටින බවත් ඉදිරි සතියේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය නැවත ආරම්භ කරන බවත් පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි