ආශිර්වාදාත්මක ආගමික වතාවත්වල යෙදෙන්න

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් දුරුවේවායි ප්රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක ආගමික වතාවත්වල යෙදෙන ලෙස මහා නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා.
ඒ අනුව හෙට සිට දින 7 ක් පුරා රාත්රී 7 සිට රාත්රී 8 දක්වා ජනතාවට ආශිර්වාදාත්මක ආගමික වතාවත්වලට යොමු වන ලෙස මහාසංඝරත්නය දැනුම් දෙනවා. එමෙන්ම එම කාලය තුළ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාදකොට ශබ්දවිකාශන යන්ත්රවලින් පන්සිල් සමාදන් කිරීම ද සිදුකෙරෙනවා. අනතුරුව රතන සූත්රය සහ ගිරිමානන්ද සූත්රය ඇතුළුව පිරිත් දේශනා කර රටවාසී හා ලෝකවාසී ජනතාවට නිරෝගී බව හා ජීවිත ආරක්ෂා කිරීම ප්රාර්ථනා කරන ලෙසයි මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ