සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළට !

අද (21) දිනයේ නව කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේදී මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් හය දෙනාගෙන් පස් දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එසේම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාධිත පුද්ගලයා කොරෝනා ආසාධිත පුද්ගලයෙකු ලඟින් ඇසුරුකළ අයෙකු බවයි සඳහන් වන්නේ.
මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් සිවු දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.