පුද්ගලයින් 300 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට | Colombocall පුද්ගලයින් 300 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට - Colombocall

Hot News

පුද්ගලයින් 300 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට




නව කොරෝනා වෛරසය වැලදීමෙන් ඊයේ (02) දිනයේදී ජිවිතක්ෂයට පත්වූ මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ ඥාතින් දෙදෙනෙක්ට ද එම වෛරසය වැලදී ඇති බවට අද උදෑසන තහවුරු වූ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එලෙස මරණයට පත්වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් සහ ඔවුන්ව ඇසුරු කළ පුද්ගලයින් 300 දෙනෙක් පමණ බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව එලෙස හඳුනා ගත් පුද්ගලයින් 300 දෙනා වහාම යුධ හමුදාව විසින් පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස් කාලයේදී රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ අතර බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් 226 දෙනෙක් පුනානි ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කළ බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

පුත්තලම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා රෝගීයාගේ සමීප ඇසුරක් පවත්වන ලද තවත් පුද්ගලයින් 30 දෙනෙක් ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ