අමෙරිකාව අදියර 3ක් යටතේ යළි විවෘත කිරීමේ සැලසුම ! | Colombocall අමෙරිකාව අදියර 3ක් යටතේ යළි විවෘත කිරීමේ සැලසුම ! - Colombocall

Hot News

අමෙරිකාව අදියර 3ක් යටතේ යළි විවෘත කිරීමේ සැලසුම !




කොරෝනා වෛරස‍යේ බලපෑම හේතුවෙන් වසා දැමුණු අමෙරිකාව අදියර 3ක් යටතේ යළි විවෘත කිරීමේ සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

දෛනික ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, සිය සටනේ මීළඟ ඉලක්කය නැවත අමෙරිකාව විවෘත කිරීම බවයි.
පිටු 18 කින් සමන්විත මෙම මාර්ගෝපදේශන මාලාවේ සැම අදියරක්ම දින 14 ක අවම කාල සීමාවකින් සමන්විත වේ.
සති 2ක් තුළ ක්‍රියාතක්මක නව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයකින් ආසාදිතයින් හඳුනාගෙන එය අවම කිරීමට නියමිතය.
ඒ සඳහා සියලු ප්‍රාන්ත මෙහෙයවීමේ වගකීම මධ්‍යම රජයට පැවරේ.
අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ රට වසා තැබීම දිර්ඝ කාලීන විසඳුමක් නොවන බවයි.
ඉන් රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම ශාරීරික සහ මානසික ගැටලුවල වර්ධනයක් ද ඇති විය හැකියි.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම නව වැඩපිළිවෙළ එළිදැක්වූයේ තවදුරටත් ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව එරටින් වාර්තා වන පසුබිමකදී ය.
අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 677,570කි.
එරටින් මරණ, 34,617 ක් වාර්තා වී තිබේ.
කොරෝනා බලපෑම ඉහළයාමත් සමග ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය ලබන මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
ජපානයෙන් කොරෝනා මරණ 190 ක් සහ ආසාදිතයින් 9,231 ක් වාර්තා වේ.
මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි එක් ලක්ෂ අසු දෙදහස් විසි පහකි.
ලොව පුරා කොරෝනා මරණ 145,516 ක් වාර්තා වේ