ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 268 දෙනෙකු අත්අඩංගුවට

ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (02) උදෑසන 6.00 සිට මධ්‍යහ්න 12 දක්වා ගතවූ පැය 6ක කාලය තුළ පුද්ගලයන් 268 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 80ක්. පසුගිය 20 වනදා සිට මේ දක්වා ඇදිරිනීතිය උල්ලංඝනයකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9734 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. එම කාලසීමාව තුලදී අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 2412 ක්.
මේ අතර නිට්ටඹුව අත්තනගලු ඔයේ ඉවුර අසළ පන්නිල ඕවිට ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් වැටලීමක් සිදුකළා. එහිදී බලපත්‍ර නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් පස් කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. එම සැකකරු වැඩිදුර විමර්ශන සදහා නිට්ටඹුව පොලිසියට භාර දී තිබෙනවා. මෙම පුද්ගලයා වයස අවුරුදු 23 ක් වන අම්පාර මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්