මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්‌ ! | Colombocall මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්‌ ! - Colombocall

Hot News

මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්‌ !



කොරෝනා වෛරසයේ ව්‍යාපතියත් සමඟ එය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. කෙසේ නමුත් ජනතාවට අපහසුතාවයක් ඇති නොවීමේ අරමුණික් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමට පොලිස් අවසරය හිමිවී තිබෙනවා.
ඒ අනුව එවැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා ගත් ඇඳිරි නීති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක්‌ රාජාංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
එම අවස්ථාවේදී ප්‍රවාහනය කරමින් සිටි ගවයින් දෙදෙනෙකු මියගොස් සිට ඇති අතර  08 දෙනෙකු ගේ ජිවිත බේරා ගැනිමට පොලිසියට හැකිවී තිබෙනවා.
එස්.එන්.රිස්වාන්, ආර්.එම්.ගසාම්, පි.ඒ.අහමඩ් සහ ජේ.ඒ.ලක්ෂමන් ජයකොඩි නමැති සැකකරුවන් සිවු දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුරය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කළේ පොල් ප්‍රවාහනය කිරිමට මෙම ලොරි රථය යොදා ගන්නා බවට සඳහන් කරමින් පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍රය ලබා ගෙන ඇති බවයි.