රෝගියාගේ සිරුර ආදාහනය කිරීම අවාසනාවන්ත සිද්ධියක් ! | Colombocall රෝගියාගේ සිරුර ආදාහනය කිරීම අවාසනාවන්ත සිද්ධියක් ! - Colombocall

Hot News

රෝගියාගේ සිරුර ආදාහනය කිරීම අවාසනාවන්ත සිද්ධියක් !



කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් ඊයේ මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිය ආගමට අනුකූලව නොකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් බලධාරීන්ට චෝදනා එල්ල කරනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අදාළ මියගිය රෝගියාගේ සිරුර ආදාහනය කිරීම අවාසනාවන්ත සිද්ධියක් බවයි.
සිය ආගමට අනූව එය භූමදානය කිරීමට අවශ්‍යව තිබූ බවත් ඒ සඳහා අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා දුෂ්ඨ ක්‍රියාවක් බවත් ඔහු පවසනවා.
මේ අතර ඉක්මන් ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වීමට ලබා දී ඇති තත්ත්වයන් යටතේ හැකි උපරිමයෙන් තමන් ඇතුළු පිරිස උත්සාහ කළ බවත් ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා.
මේ අතර අදාළ මියගිය පුද්ගලයාගේ සිරුර කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේදී භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබූ නමුත් කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් පෙනෙන්නට තිබුණු බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත් මුළු ලෝකයේම කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සහ එම සිරුරු වලට සිදුකරන්නේද ලංකාවේ සිදුකරනම ක්‍රියාපටිපාටියම බවයි බලධාරීන් පවසන්නේ.
ආගම කුමක් වුවත් ජාතිය කුමක් වුවත් ජාත්‍යන්තර නීතියට අනූව “කොරෝනා අසාදිතයින් මියගිය පසුව සිදුකරන ක්‍රියා පිළිවෙත් අප රටට පමණක් සුවිශේෂ නොවේ”.
පසුගියදා මේ සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ පැවසුවේ එලෙස සිදුවන මරණ ළඟම පිහිටි අදහනාගාරයක සිදුකිරීමට කටයුතු කරන බවයි.
ඒ සඳහා සහභාගී වන සේවකයින්ගේ ආරක්‍ෂිත ඇඳුම්ද අදාහනාගාරයට දමා පුළුස්සන බවත් ඔහු පැවසුවා.