අකුරණ කොරෝනා ආසාදිතයා සබදතා පැවැත්වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් !

මහනුවර, අකුරණ ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම පුත්තලම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවූ අතර ඔහු සමගද සබදතා පැවැත්වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
එහිදී අකුරණ නගරයම නිරෝධායනයට ලක් කර ඇති බවත් පුත්තලම ප්‍රදේශයේ ගම්මානයක 100කට අධික පිරිසක්ද නිරෝධායනයට ලක් කිරීමට සූදානම් කර ඇති බවයි සඳහන් කළේ