අනතුරකින් මව සහ ඇගේ දියණිය මියයයි | Colombocall අනතුරකින් මව සහ ඇගේ දියණිය මියයයි - Colombocall

Hot News

අනතුරකින් මව සහ ඇගේ දියණිය මියයයි






නාත්තන්ඩිය-දුන්කන්නාව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් මව සහ ඇගේ දියණිය මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය පවසනවා. 
ඊයේ (07) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියක් සහ කුඩා ප්‍රමාණයේ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මීගහකිවුල-වැලිපැන්නගහමුල පදිංචිව සිටි රංවලගේ චන්ද්‍රිකා සෙනරත් මැණිකේ නම් අවුරුදු 54ක් වු මව සහ ඇයගේ දියණිය වන අධිකාරි ආරච්චිලාගේ අහිංසා දුලාංජලී නම් වූ 21 හැවිරිදි තරුණියක්.
අනතුරින් මිය ගොස් ඇති කාන්තාව බිබිලාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරියක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදිය පදවා ඇත්තේ ඇය විසින් බව විමර්ශණවලදී හෙලිවී තිබෙනවා.
මාරවිල පොලීසියේ රථ වාහන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරවිමර්ශණ සිදුකරනු ලබනවා.
මේ අතර කුරුණෑගල බමුණුතිස්ස ප්‍රදේශයේදි යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් 48 හැවිරිදි මෝටර් රථ රියදුරු මියගොස් ඇති අතර කටාන දාගොන්න ප්‍රදේශයේදී ද ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.