යෝෂිත රාජපක්ෂ අම්පාරෙන් දේශපාලනයට ! | Colombocall යෝෂිත රාජපක්ෂ අම්පාරෙන් දේශපාලනයට ! - Colombocall

Hot News

යෝෂිත රාජපක්ෂ අම්පාරෙන් දේශපාලනයට !



අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඉදිරි මහමැතිවරණය තරග කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සදහා පූර්ව සූදානම් කටයුතුවල නිතර වන්නේ යයිද එම වාර්තාවන් පවසනවා.
කෙසේ නමුත් මේ පිළිබඳ පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකුගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සූදානමක් මේ වනතුරු නොමැති බවයි.
මේ අතර යෝෂිත රාජපක්ෂ දැනට සේවයේ යෙදී සිටින නාවික හමුදා සේවයෙන් ඉවත් වීම සදහා ඉල්ලුම් කර ඇතත් මේ වන තෙක් ඊට අනුමැතිය ලැබී නැති බවද වාර්තා වෙයි.