කිසිවෙකුට සොයාගත නොහැකි වූ රවී පොළිසියට භාර වෙලා ! | Colombocall කිසිවෙකුට සොයාගත නොහැකි වූ රවී පොළිසියට භාර වෙලා ! - Colombocall

Hot News

කිසිවෙකුට සොයාගත නොහැකි වූ රවී පොළිසියට භාර වෙලා !



වරෙන්තු ලැබී තිබුනු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට ටික වෙලාවකට පෙර පොලීසියට භාර වී තිබෙනවා.
දින ගණනාවක් ගත වුනද ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවුනා..
මීට පෙර හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුනා.
ඒ අභියාචනාධිකරණයට කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.
තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකව තිබුනා.
බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
කරුණු මෙසේ වෙද්දි දින ගණනාවක් ගත වුනද ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවූ අතර වරෙන්තු ලැබී තිබුනු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට ටික වෙලාවකට පෙර පොලීසියට භාර වී තිබෙනවා.