කියදේ අහන්න බැරි නම් වෙඩි තියන්න ! දැඩි නීති මෙන්න | Colombocall කියදේ අහන්න බැරි නම් වෙඩි තියන්න ! දැඩි නීති මෙන්න - Colombocall

Hot News

කියදේ අහන්න බැරි නම් වෙඩි තියන්න ! දැඩි නීති මෙන්න




කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසංගත තත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලොව බොහෝ රටවල් ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නිකුත් කළ අතර ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක කාලයක් සිය රට වසා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්  රට වසා දැමීම සම්බන්ධයෙන් ලබා දුන් නියෝග නොතකා බොහෝ දෙනා භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි ආකාරයත්,  දහස් ගණනක් ජනතාව වෙළෙඳපොළවල රැස්ව සිටින ආකාරයත් දක්නට ලැබුණා.
ඒ අනුව අදාල නියෝග නොතකා කටයුතු කරන පුද්ගලයන්ට වෙඩි තබන ලෙස ඉන්දීය බලධාරීන් නියෝග කර තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.