චම්පිකට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර | Colombocall චම්පිකට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර - Colombocall

Hot News

චම්පිකට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට අප්‍රේල් 26 සිට මැයි 12 වැනිදා දක්වා විදෙස් ගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නේ ය.
ඒ, රුපියල් ලක්ෂ 10 ක අමතර ඇපයක් මතයි.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව එම නඩුව පවරා තිබේ.

චම්පික රණවක මහතා විදෙස් ගතවීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ නොකළේ ය.

ඒ අනුව, ඇප බැඳුම්කරණයක් මත චම්පික රණවක මහතාට විදෙස් ගතවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අවසර ලබා දුන්නා ය.