(වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග | Colombocall (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග - Colombocall

Hot News

(වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග



කොරෝනා රෝගීන් සඳහා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කර ඇත.
කොරියානු යුද සමයේ ක්‍රියාත්මක කෙරුණු ආරක්ෂක නිෂ්පාදන පනතක් බලාත්මක කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය කර ඇත. එම පනතට අනුව ජාතික ආරක්ෂාව සඳහා නිෂ්පාදන කටයුතු කරන්නැයි සමාගම්වලට නියෝග කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.
“ජෙනරල් මෝටර්ස් සමාගම කාලය නාස්ති කළා. ඇමෙරිකානුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න වුණා” යැයි ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන මේ වනවිට 104,000 ඉක්මවා ගොස් ඇති අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකාවයි.
එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 1,700 කට ආසන්න වේ