දුමක් ආග්රහණය වීම හේතුවෙන් සිසුන් පිරිසක් වාරියපොළ රෝහලට
විෂ දුමක් ආග්රහණය වීම හේතුවෙන් සිසුන් පිරිසක් වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පහ වසර සිසුන් 40 දෙනෙකු පමණ රෝහල්ගත කළ බවයි.
ඔවුන්ට හුස්ම ගැනීම අපහසුවීම සහ සමෙහි ඇති වූ ගැසීම් සහ පළු හටගෙන තිබේ.
සිසුන් වැඩි පිරිසක් ප්රතිකාර ලබා ගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර අසාත්මිකතාව වැඩි වු සිසුවෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.