මෛත්‍රීගේ උකුසු කතාව පත්තු වෙයි ! ප්‍රහාර මාලාවක් සූදානම් ! | Colombocall මෛත්‍රීගේ උකුසු කතාව පත්තු වෙයි ! ප්‍රහාර මාලාවක් සූදානම් ! - Colombocall

Hot News

මෛත්‍රීගේ උකුසු කතාව පත්තු වෙයි ! ප්‍රහාර මාලාවක් සූදානම් !



හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ උකුසු කතාවත් සමග ‌පොදුජන පෙරමුණ තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තිබූ විරෝධය විශාල ‌ලෙස ඉහළ ‌ගොස් ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසී ඇති ‌ මැති ඇමැතිවරන් විශාල පිරිසක් ‌පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි කටුස්සකු බවත්, උකුසු කතාව ප්‍රසිද්ධියේ කීම හරහා ඒ බව ඔප්පු ‌කොට ඇති බවත්ය.

මේ නිසා කිසිසේත්ම ඔහුව ‌පක්ෂය ඇතුළට වද්දා ‌නොගත යුතු බවද ‌මෙම මැති ඇමැතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් ‌පෙන්වා දී තිබෙනවා.

එහිදී රාජපක්ෂවරුන්ද අවධාරණය ‌කොට ඇත්තේ තමන්ද සිරිසේනගේ එම උකුසු කතාව දුටු බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ‌පොහොට්ටුව පාර්ශ්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක ‌කොට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බව දැනගන්නට තිබෙනවා.

මේ අතර සිරිසේන මහතාගේ ‌මේ උකුසු කතාවත් සමග ශ්‍රීලනිපයද දැඩි කලබලයට පත්ව සිටින බවක් දැනගන්නට තිබෙනවා.

මහමැතිවරණයක් ආසන්නයේ සිරිසේන මහතා කළ ‌මෙම ප්‍රකාශය නිසා ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ලැබීමට නියමිතව තිබූ ‌පොහොට්ටු පාක්ෂිකයන්ගේ මනාප ‌නොලැබී යාමත්, ‌පොහොට්ටු‌වේ අපේක්ෂකයන් ‌මෙම උකුසු කතාව අල්ලාගෙන සංවිධානාත්මකව ශ්‍රීලනිප අපේක්ෂකයන් මහමැතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කිරීමත් ඊට ‌හේතුව වී තිබෙනවා