ජනතාවට සහන සපයන්න ! ගෝඨාගෙන් නියෝග

පසුගෙවුම් පාරිභෝගිකයන් සදහා බිල්පත් ගෙවීමේ සහන කාලයක් සහ පෙරගෙවුම් පාරිභෝගිකයන් සදහා ක්‍රෙඩිට් පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ටෙලිකොම් දුරකතන, ජංගම දුරකතන හා නිවෙස්වල සෘජු දුරකතන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් දී තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩපැවැත්වීම සදහා සිදු කරන මෙහෙයුම්වලදී තොරතුරු බෙදා හැරීම ඉතා වැදගත් වන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ