මහ මැතිවරණයෙන් ලබා ගන්නා ආසන ගැන බැසිල් කියපු දේ මෙන්න !

විවිධ බාධා එල්ල වූ අසීරු අවස්ථාවන්හි ලාබාලතම දේශපාලන පක්ෂය ලෙස මැතිවරණවලට තරග කර විශිෂ්ඨ ජයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීම ස්ථිර බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරීන් හා අනුබද්ධ සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු ආසන 113 ත් 120 ත් අතර ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව වන බවයි.
ඉදිරි මැතිවරණ කටයුතු සිදුකළ යුතු ආකාරය, පක්ෂ කි‍්‍රයාකාරීන් මුහුණදෙන ගැටලූ සහ ප්‍රාදේශීය වශයෙන් පවත්නා විවිධ ගැටලූ සම්බන්ධව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මැතිවරණ නීතිවලට අනුකූලව සහ පරිසර හිතකාමී ලෙස ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමේ වැදගත්කම ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ.