ඇඳිරි නීති සමයේ සහන සැපයීමේ බලය බැසිල් වෙත ! | Colombocall ඇඳිරි නීති සමයේ සහන සැපයීමේ බලය බැසිල් වෙත ! - Colombocall

Hot News

ඇඳිරි නීති සමයේ සහන සැපයීමේ බලය බැසිල් වෙත !




කොරෝනා වසංගතය පැතිරීයාම වැලැක්වීම සදහා පනවා ඇති ඇදිරි නීති කාල සීමාව තුලදී ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙනවිත් දීම සහ රටේ ආර්ථිකය අර්බුදයකින් තොරව කලමනාකරණය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කල කාර්ය සාධන බලකාය අද(26) එම කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනු ලැබුවේ එම කාර්ය සාධන බලකාය වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීම සදහා අවශ්‍ය තීන්දු ගැනීමේ බලය ද ඒ වෙත පවරා ඇති බවයි.

අද පැවති රැස්වීමේදී පහත සදහන් කඩිනම් පියවර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

– දේශීය ගොවියා සහ ජාතික ආර්ථිකය බලගැන්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම.

– සහල් සහ එළවලු දිවයිනපුරා කාර්යක්ෂම බෙදාහැරීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම.

– කුකුල් මස්, බිත්තර සහ මාලු හිඟයකින් තොරව සැපයීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම.

– බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම.

– අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සදහා සමූපකාර සහ සුපිරි වෙළඳසල් ඒකාබද්ධ කර වැඩපිළිවෙලක් සකස් කිරීම.

– පැය 24 ම විවෘත ඉන්ධන පිරවුම් හලක් සැම ප්‍රදේශයකම පවත්වාගෙන යාම.

– වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීම