වැලිකන්දේ කොරෝනා රෝහලේ වැඩ අදින් අවසන් ! | Colombocall වැලිකන්දේ කොරෝනා රෝහලේ වැඩ අදින් අවසන් ! - Colombocall

Hot News

වැලිකන්දේ කොරෝනා රෝහලේ වැඩ අදින් අවසන් !



වැලිකන්ද රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඊට අදාළ කටයුතු මේ වන විටත් සිදු කරමින් ඇති බවයි.

කොරෝනා ආසාදිත රෝගීන්ට බාධාවකින් තොරව ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් මෙම ඒකකයේ ස්ථාපිත කෙරෙන බව ද ඔහු පැවසුවේ ය.

කොරෝනා රෝගීන් දැනට ඇතුළත් කර ඇති අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවුණහොත් වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකන්ද මූලික රෝහල විශේෂ ඒකකයක් ලෙස ස්ථාපනය කෙරෙනු ඇති