ජීවිත බියෙන් රටම නිවාඩු ඉල්ලද්දී බන්ධුල හරස් වෙයි ! දේශපාලන අරමුණක් උඩ එයි ! | Colombocall ජීවිත බියෙන් රටම නිවාඩු ඉල්ලද්දී බන්ධුල හරස් වෙයි ! දේශපාලන අරමුණක් උඩ එයි ! - Colombocall

Hot News

ජීවිත බියෙන් රටම නිවාඩු ඉල්ලද්දී බන්ධුල හරස් වෙයි ! දේශපාලන අරමුණක් උඩ එයි !



ලංකාව පුරා ඉතා දරුණු ලෙස පැතිරී යන කොරෝනා වෛරසය සාර්ථකව  මැඩපැවැත්වීමට සති දෙකක කාලයක් යනතුරු රට වසා දැමීම අවශ්‍ය බව බහුතරයක් ජනතාව ප්‍රකාශ කරනවා.

ඉදිරි දින කිහිපය තුළ දුම් රිය මෙන්ම බස් රථ වැනි පොදු ප්‍රවාහන මාධ්ය භාවිත කරමින් රැකියාවට  පැමිණෙන්නන් අතර වෛරස්ය ඇති අයෙක් වුවොත් ඉතා ඉක්මණින් ලංකාව පුරා මෙම කොරෝනා තත්වය පැතිරී යාම සිදු වෙනවා.

රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය කියා සිටින්නේ විශාල ජන සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් බේරා ගැනීමට රටපුරා දෙසතියක නිවාඩු කාලයක් ලබා දී රට තුල වෛරසය පැතිරීම පාලනය කල යුතු බවයි. තවද ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ   , මෙම වෛරසය රට පුරා පැතිරී යාම වැලකීමට තීරණයක් ගැනීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් බවයි.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන රට පුරා නිවාඩු දෙසතියක් ලබා දීමට දැඩි විරුද්ධත්වයක් දක්වන බව වාර්තා වෙනවා. එනම් ඔහුගේ නාමයෝජනා අත්සන් කිරීමේ නැකතක් හේතුවෙන් බවයි ආරංචිමාර්ග පවසන්නේ.

නමුත් විමල් වීරවංශ  බන්ධුල සමඟ තර්ක කරමින් කියා තිබෙන්නේ මෙම වසන්ගතයෙන් ලාංකික ජනතාව රැකගැනීමට රජය අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගැනීමට වගබලා ගත යුතු බවයි. නමුත් බන්ධුල ගුණවර්ධන මෙතෙක් බහුතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තම තීරණය වෙනස් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර නෑ..ඔහු තම දේශපාලන අරමුණ වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් ගෝඨාභය මහතාගේ අවධානය මෙම ලෝක ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීම උදෙසා යොමුවී ඇතත් බන්ධුලගේ ක්‍රියාකලාපය සියල්ලට භාදාවක් වී තිබෙනවා.

ජනතාව බියෙන් තැතිගෙන ඇති මොහොතක තම දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතා ජීවිත බිළිදීමට වුවත් සූදානම් දේශපාලකයින් සිටින රටක ජීවත්වීමට සිදුවීම පිළිබඳ ලාංකිකයන් ලෙස අප කණගාටු විය යුතු බව සමාජ මාධ්ය ක්‍රියාකාරීන් පවසනවා.