ස්පාඤ්ඤය කොරෝනා වසංගතයට බිලිවූ රටක් | Colombocall ස්පාඤ්ඤය කොරෝනා වසංගතයට බිලිවූ රටක් - Colombocall

Hot News

ස්පාඤ්ඤය කොරෝනා වසංගතයට බිලිවූ රටක්



අද දිනයේ වාර්තා වන කොවිඩ්-19 මරණ 812 ත් සමග ස්පාඤ්ඤය චීනය අබිබවා යමින් කොරෝනා වසංගතයට බිලිවූ රටක් ලෙස ලෝක සිතියමේ ලකුණු වී තිබේ.
මේ අනුව කොවිඩ්-19 මරණ සංඛ්‍යාවෙන් චීනය ඉක්මවා ගිය තෙවැනි රට බවට අද දින ස්පාඤ්ඤය පත් විය. අනෙක් රටවල් දෙක වන්නේ ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු කර ගත් සංඛ්‍යාව ද අද දිනයේ 6,398 කින් ඉහළ ගොස් එය 85,195 ක් ලෙස තහවුරු කරන්නේ ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. ස්පාඤ්ඤයේ සෞඛ්‍ය සේවකයන්ගෙන් 1/3 ක්ද කොරෝනා ආසාදනයට ගොදුරු වී සිටිති.
රටේ වැඩිපුරම කොරෝනා වසංගතයට ලක්වූ නගරය වන මැඩ්රිඩ් අගනුවර අද දිනයේ මිනිත්තුවක නිහඬතාවක් ද මෙම ජාතික උවදුර අබිමුව පැවැත්විණි.
මේ වන විට දින 15 ක ලොක්ඩවුන් තත්වයෙන් පසු ස්පාඤ්ඤය විසින් ‘ශිශිරතරණ‘ (“hibernation”) කාලපරිච්ඡේදයක් (සති 2ක) ප්‍රකාශයට පත් කර තිබෙන්නේ සෞඛ්‍ය සේවාවන් මත පැටවී ඇති අධික පීඩනය ද අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය.
මේ අනුව රෝහල්, ෆාමසි සහ ආහාර සැපයුම් දාමවල සේවකයන් හැර අන් සියලුම දෙනාට කිසිදු හේතුවක් මත නිවසින් බැහැර කටයුතුවලට නොයන ලෙසට නියෝග කර තිබේ.