ෆොන්සේකාගේ ගිණිසිළුවේ බලය ඉන්දික අතට ! වෙන දේ මෙන්න | Colombocall ෆොන්සේකාගේ ගිණිසිළුවේ බලය ඉන්දික අතට ! වෙන දේ මෙන්න - Colombocall

Hot News

ෆොන්සේකාගේ ගිණිසිළුවේ බලය ඉන්දික අතට ! වෙන දේ මෙන්න





ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ලකුණ : ගිණි සිළුව ) පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසකගේ සහාය ෆොන්සේකා මහතාට අහිමි වී ඇති බව වාර්තා වනවා.

පසුගිය සමයේදී පක්ෂයේ කටයුතු වලදී ෆීල්ඩ් මාෂල් සරත් සොන්සේකා මහතා ක්‍රියාකල ආකාරය සමබන්ධයෙන් ඇතිවූ කලකිරීම මත ඔවුන් මෙම තීරණය ගෙන හිබේ.

සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැළණිය ආසන සංවිධායකවරයා වශයෙන් ක්‍රියාකරන අතර මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය හා එක්ව ක්‍රියාකරයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතා අතින් ගිලිහුණු ගිණිසිළුවේ බලය  බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතාට හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.  ගිණි සිලුව නියෝජනය කරන පළාත් සභා  මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ඉන්දික බණ්ඩාර මහතාගේ නායකත්වය යටතේ ක්‍රියා කිරීමට සූදානමින් පසුවන බවයි අනාවරණය වන්නේ.