වෙලේ සුදාට සිම් දෙන්න බන්ධනාගාරයට පාතාලයෙන් ඇවිත් | Colombocall වෙලේ සුදාට සිම් දෙන්න බන්ධනාගාරයට පාතාලයෙන් ඇවිත් - Colombocall

Hot News

වෙලේ සුදාට සිම් දෙන්න බන්ධනාගාරයට පාතාලයෙන් ඇවිත්




බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක ‘වෙලේ සුදාට’ හා මොහොමඞ් සියාම් නමැති විශේෂ ගනයේ අපරාධකරුවන් දෙදෙනාට මුදල් හා සිම්පත් ලබාදීමට පැමිණි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (27 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බළපිටිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. බූස්ස බන්ධනාගාරයේ සිටින විශේෂ ගනයේ රැඳවියන් දෙදෙනකු වන ‘වෙලේසුදා’ හා මොහොමඞ් සියාම් යන අයට මුදල් රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක් සහ සිම්කාඞ් පත් 02ක් ලබා දීමට යෑමේදී මෙම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒ අනුව සැකකරු එම මුදල් රැගෙන පැමිණ බූස්ස බන්ධනාගාරයේ ඇති ආපන ශාලාවේ රැඳී සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩයක් අනුව ඉහත සැකකරුවන්ට මෙම මුදල් හා සිම්පත් දෙකක් භාර දීමට යෑමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.