ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයේ දැඩි නීති ! | Colombocall ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයේ දැඩි නීති ! - Colombocall

Hot News

ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයේ දැඩි නීති !



කොරෝනා වසංගතය මැඩලීමේ අරමුණෙන් ඉතාලියේ ලොම්බාඩි ප්‍රාන්තයේ දැඩි නීති පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නව නීති යටතේ නිවෙස්වලින් බැහැරව කිසිඳු ක්‍රීඩා හෝ ශාරීරික අභ්‍යාසයක නිරතවීමට තහනම් වනවා. එසේම තනි තනිව හෝ නිවෙස්වලින් බැහැරව වෙනත් කටයුතුවල නිරතවීම අත්හිටුවා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහාහා ඇති වෙන්ඩින් යන්ත්‍ර භාවිත කිරීම ද තහනම් කර තිබෙනවා. ඉතාලිය තුළ ඊයේ දින පමණක්  800 දෙනෙකු පමණ වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වුණා. මේ  වන විට කොරෝනා වෛරසයෙන් එරට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 5000කට ආසන්නයි. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ රට වන්නේ ද ඉතාලියයි.