රැඳවියන් දෙදෙනකු මරු දකී ! | Colombocall රැඳවියන් දෙදෙනකු මරු දකී ! - Colombocall

Hot News

රැඳවියන් දෙදෙනකු මරු දකී !



අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තව ත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රැඳවියන් බැලීමට ඥාතීන්ට අවසර නොදීම හේතුවෙන් රැඳවියන් බන්ධනාගාරය තුළ රාජ්‍ය දේපොළ විනාශ කරමින් විරෝධතාවය දැක් වූ බවයි.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතරම එය තවදුරටත් පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් වෙඩි තබා ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ අතර ඔවුන්ගෙන් දෙදෙනකු මියගොස් තිබේ.
බන්ධනාගාරයට තවදුරටත් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇතැයි පොලීසිය පැවසීය.