මාස හයක වියළි කාලගුණය අවසන් කර වර්ෂාව ! | Colombocall මාස හයක වියළි කාලගුණය අවසන් කර වර්ෂාව ! - Colombocall

Hot News

මාස හයක වියළි කාලගුණය අවසන් කර වර්ෂාව !





කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ඇඳහැළුණු අධික වර්ෂාව සමඟ හටගත් සුළං තත්ත්වය හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, කුරුණෑගල පඩුවස්නුවර, අඩුක්කනේ, වැලිවැහැර, කඩහැර සහ නාරම්මල ප්‍රදේශයන්හි නිවාසවලට එලෙස හානි සිදුව ඇති බවයි.
සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් , පැය කිහිපයක් ප්‍රදේශයේ විදුලි බලය ද ඇණ හිටියේ ය.
ප්‍රදේශවාසීන් පවසන්නේ මාස හයකට ආසන්න කාලයක සිට පැවති වියළි කාලගුණය අවසන් කර මෙම වර්ෂාව ලැබුණු බවයි.
මේ අතර බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට ද අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි වේ.
අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.