මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම ලංකාවට ජය ගෙනා හැටි !
ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 3වන සහ අවසන් එක්දින තරගය ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ අනුව, කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.