කොරෝනා වෙනුවෙන් රටවිරුවන්ගෙන් 7500 ක් ගනී ! | Colombocall කොරෝනා වෙනුවෙන් රටවිරුවන්ගෙන් 7500 ක් ගනී ! - Colombocall

Hot News

කොරෝනා වෙනුවෙන් රටවිරුවන්ගෙන් 7500 ක් ගනී !



දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන කටයුතු සදහා  මඩකලපුව බලා අද පෙරවරුව් පිටත්ව ගියා. ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු සහ විදේශීකයන් දෙදෙනෙකු ඊට අයත්.
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානට යන රටවලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කෙරෙනවා. ඔවුන් මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර ඇති  නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි  යොමු කෙරෙන්නේ. මේ සඳහා රජය විශාල වියදමක් දරනවා. නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ ප්‍රවාහන සේවා ඒ අතර වනවා. නිරෝධායන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් දින 15 කට ආහාර පාන සඳහා පමණක් එක් අයෙකුගෙන් රු.7500 ක මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙය දළ වශයෙන් දිනකට‍ෙ රුපියල් 500 ක් පමණ වනවා.
මේ අතර නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද කන්දකාඩු යුදහමුදා කදවුරු පරිශ්‍රයද සූදානම් කර තිබෙනවා. පැය 48 ක් තුළ මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට යුද හමුදාව කටයුතු කළා. මෙම මධ්‍යස්ථානය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරික්ෂණයට ලක් වුණා.