දේවානිලා සටන් කළ කඩොලාන පරිසරය ගිනිගොඩක් වුණු හැටි ! PHOTOS | Colombocall දේවානිලා සටන් කළ කඩොලාන පරිසරය ගිනිගොඩක් වුණු හැටි ! PHOTOS - Colombocall

Hot News

දේවානිලා සටන් කළ කඩොලාන පරිසරය ගිනිගොඩක් වුණු හැටි ! PHOTOS



දේවානි නැමැති වනජීවී නිළධාරිනියක් තනිව ඔක්සිජන් රැකගැනීම වෙනුවෙන් දේශපාලන අධිකාරිය සමඟ තර්ක විතර්ක කල වීඩියෝව පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණේ , එම නිළධාරිනියට මහත් වටිනාකමක් ලබා දෙමින්.

නමුත් මෙම සිදුවීම සිදු වී සති දෙකක් යාමටත් මත්තෙන් කඩොලාන පරිසරය ගිනිගෙන තිබෙනවා. මේ වන විට එම විශාල කඩොලාන භූමිය එකම දුමාරයක් වී තිබෙනවා.

 මෙසේ ගිනිගැනීම ස්භාවික නොවන බව සමාජමාධ්‍ය තුළ කතිකාවතක් ඇතිව තිබෙනවා. මෙය ලාංකික ජඩ දේශපාලනයේ තවත් එක් ක්‍රියාවක් බවටද බොහෝ දෙනෙක්  ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳ තරුණයකු තැබූ සටහනක් පහළින්

"කොහොමද ආණ්ඩුවේ
රිටර්න් එක.....?🤨
පුළුවන් නම්....
තමන්ට අභියෝග කරපු
අර නිළධාරිනියත්
මෙහෙම ගිනි තියෙනවා!🤨
අපි මෙතැන වටිනා....
කඩොලාන පද්ධතිය ගැන
ලිපි කවි ලියනවා! පාලකයෝ
ඒවා ඉවරම කරලා දානවා!
තාම මේ ෆොටෝවල කතාව...
නොදන්න අයට මෙන්න විස්තරය,
මේ ගිනිතියෙලා තියෙන්නේ මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව කඩොලාන ශාක ටික!
ගිනි තිබ්බේ නම් කඩොලාන
පොඩි පට්ටම්කර දමමින්
සිත් පිත් නැතිව කසල දාන සීදුව මහ නගර සභාව නෙවෙයි ලූ! ඕන් (උන් භාරගනී මේන් කියලම)
මේ ගින්නෙන් සීදූව, දඩුගම, උදම්මිට, ඒකල සිට ගනේමුල්ල දක්වා ප්රදේශවාසීන් හට හුස්ම ගැනීමට නොහැකි තරමට විශාල දුමාරයක්!
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජාඇල පිවිසුමේ සිට කටුනායක දක්වා මුළුමනින්ම වසයි.
අන්තිමට ගිණි නිවීමේ හමුදාව හෙලිකොප්ටර් යානා පවා යොදාගනිමින් අපේ මුදල් විනාශකරමින් අපට පේන්න
ෂෝ එකක් දැම්මා!
(ඒකටත් උන්ට කල්ල මරේ....)
බලපන් ඒ පරිසරයේ ලස්සන....
අනේ ඒ කඩෝලාන වෙන රටක තිබුණ නම්.....
වසර දහස් ගණනක් තිස්සේ
කාබන් අවශෝෂණය කරමින්
ඇති තරම් ඔක්සිජන් ලබා දෙමින්
අපේ බඩ කට පුරවන්න මත්ස්ය අස්වැන්න වැඩි කරමින් උදම් රළින් අපේ මාතෘ භූමිය සුරකිමින්....
තමන් සේවය කළ මිනිසාම පිට්ටනියට තමන් ගිනි තබද්දී කෑගසා කියන්නට නොහැකිව ගොළුව දරා ගෙන....
අපිට ආවේණික ජීව වීශේෂ සුරකිමින් ලෝක සත්ත්ව නාමාවලියේ සිරිලක නම ඉහළින්ම තබමින් නිහඬව මෙහෙයක් කළ
කඩෝලාන සුමිතුරනි!
සුබ ගමන්!😔
Pc: Dinusha
සටහන - සාගර දියගම