ජිනීවා මානව හිමිකම් සමුළුවට ලංකාවෙන් යෝජනා පහක් !
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය.
එය මාර්තු 20 වැනි දා අවසන් වේ.
ලබන 26 වැනි දා සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතවේ.
මෙවර සමුළුවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනා ගණන 5 කි.
එහිදී 30/1, 40/1 දරණ යෝජනාවල සමඅනුග්රාහකත්වයෙන් ඉවත්වීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ඇති.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 26 වැනි දා සමුළුව අමතා අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.