‘සමගි ජාතික බලවේගය’ හදවත ලකුණින් සජිත් සමඟ පෙරට ! | Colombocall ‘සමගි ජාතික බලවේගය’ හදවත ලකුණින් සජිත් සමඟ පෙරට ! - Colombocall

Hot News

‘සමගි ජාතික බලවේගය’ හදවත ලකුණින් සජිත් සමඟ පෙරට !



මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.

එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.

මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.

නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි