ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි - ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි. | Colombocall ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි - ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි. - Colombocall

Hot News

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි - ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් , එමි බේරා සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ජෝර්ජ් හෝල්ඩිං යන මහත්වරුන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමුවී තිබේ.

සිය රටේ (එක්සත් ජනපදයේ) පුරවැසියෙකු  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වීම පිළිබඳව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහ රටේ ජනතාව සතුටට පත්වන බව එහිදී කොන්ග්‍රස් සභිකයින් විසින් මෙරට නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර ඇත. කවර බාධක පැමිණියත් කඩිනමින් MCC ගිවිසුම අත්සන් කල යුතු බවට එහිදී දෙපාර්ශවයම එකඟත්වයකට පැමිණ තිබෙන බවද වාර්තා වේ.