බන්ධනාගාරගතව සිටින විශේෂ පස් දෙනකුට ජනපති සමාව ලැබෙයි | Colombocall බන්ධනාගාරගතව සිටින විශේෂ පස් දෙනකුට ජනපති සමාව ලැබෙයි - Colombocall

Hot News

බන්ධනාගාරගතව සිටින විශේෂ පස් දෙනකුට ජනපති සමාව ලැබෙයි



බන්ධනාගාරගතව සිටින ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව.

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

ඔවුන් පස් දෙනා ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වන අතර සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූවෝ වෙති.

මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති  හමු වෙයි.
රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.