අජිත් ප්‍රසන්න යළි ඇතුලට යයි ! | Colombocall අජිත් ප්‍රසන්න යළි ඇතුලට යයි ! - Colombocall

Hot News

අජිත් ප්‍රසන්න යළි ඇතුලට යයි !



අධිකරණයේ විභාග වන නඩුවකට බලපෑම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා මාර්තු මස 10 වනදා තෙක් අද යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරුවන් වෙනුවෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරයා සිදුකළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මාර්තු මස 10 වනදා ප්‍රකාශයට පත් කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එහිදී දින නියම කළේ.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඉකුත් දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එහි සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ.