මහනුවර ෆේස්බුක් සාදය වටලයි !
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා විශ්ව විද්යාල සිසුන් ඇතුළු 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව 18 දෙනෙකු හැර සෙසු පිරිස මුදා හැර තිබෙනවා.
සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (16) අලුයම සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට රඳවාගෙන සිටින පිරිස සතුව තිබී විවිධ වර්ගයේ මත්පෙති සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.
ඒ අනුව ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, අයිස්, කුෂ් සහ විවිධ වර්ගයේ මත්පෙති සොයාගෙන තිබෙනවා.