කවුරුත් හඳුනන හිමියන් අධිකරණයට ගිහින් !
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනෙකුද ඊයේ (17) අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි බවයි අධිකරණ වාර්තාකරු පවසන්නේ.
එලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් මුලතිව් ප්රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. අධිකරණ නියෝගයකට පටහැනිව ක්රියාකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවටයි මෙම විත්තිකරුවන් චෝදනා ලැබ සිටින්නේ.
ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ සිදු නොකරන ලෙස මුලතිව් මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් කර තිබුණා. විත්තිකරුවන් විසින් නොසලකා හැර ඇතැයි පැවසෙන්නේ මෙම අධිකරණ නියෝගයයි. නඩුව ලබන මැයි මස 13 වනදා යළි කැඳවීමට දින නියම කෙරුණා.